It's Nothing...But Everything...
Thursday, January 19, 2012
මම දකින හීන
හීන,,,
හරිම අපූරුයි
මම ආදරේ කරන අය
මම කැමති දේවල්
මං ළඟින්ම
මම කැමති විදියට හැම දෙයක්ම
හීන වලට මම ආදරෙයි
මොකද හීන කවදාවත්ම
රිද්දන්නෙ නෑ මාව
හීනියට හරි මට රිදුනොත්
හීනෙ යනවා ආපස්සට
ගොතනව හීනෙ අලුත්ම හැඩයකට
කලින්ටත් වඩා පරිස්සමින්
මට නොරිදෙන්න...
Friday, December 9, 2011
අද ලස්සනට හඳ පායලා
මට ඔයා ළඟ හිටියනම් කියල හිතුනා
.................
අද අහසෙ තරු තරඟෙට දිලිසෙනවා
මට ඔයා ළඟ හිටියනම් කියල හිතුනා
.................
අද හඳත් නෑ
තරුත් නෑ
හිස් අහස දිහා බලපු මට හිතුනා
අනේ ඔයා ළඟ හිටියනම් කියල .......
මම ආදරේ කරා එයාට
එයාටත් වඩා
එයාගෙ කවි වලට
නැහැ...
ඒ කවි උපදින හිතට
ඔව්, ඒ අපූරු හිතට
ම්ම්ම්...නැහැ
ආයෙත් වැරදුණා මට
මම ආදරේ කරා
ඒ මනුස්සකමට
ඒ අපූරු මනුස්සයට...
2011/10/16
සේපාලිකා මල් රෑට පිපෙන්නෙ
හඳට තියෙන ආදරේට නෙමෙයි
අහිමි ඉරකට හූල්ලලා
වැඩක් නැති නිසා....
රෑට විතරක් තරු කැට දිලිසෙන්නෙ
ඉරත් එක්ක තරහකට නෙමෙයි
දවල් වරුවෙ දිලිසෙන්න
ඉර අවසර නොදීපු නිසා....
මමත් ඈත ඉඳන් ඔයා දිහා බලන් ඉන්නෙ
ළඟින් ඉන්න අකමැති නිසා නෙමෙයි
ඔය හිතේ මං වෙනුවෙන්
පුංචි ඉඩක්වත් නැති නිසා.........
2011/10/15
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)