Friday, December 9, 2011

සේපාලිකා මල් රෑට පිපෙන්නෙ
හඳට තියෙන ආදරේට නෙමෙයි
අහිමි ඉරකට හූල්ලලා
වැඩක් නැති නිසා....
රෑට විතරක් තරු කැට දිලිසෙන්නෙ
ඉරත් එක්ක තරහකට නෙමෙයි
දවල් වරුවෙ දිලිසෙන්න
ඉර අවසර නොදීපු නිසා....
මමත් ඈත ඉඳන් ඔයා දිහා බලන් ඉන්නෙ
ළඟින් ඉන්න අකමැති නිසා නෙමෙයි
ඔය හිතේ මං වෙනුවෙන්
පුංචි ඉඩක්වත් නැති නිසා.........


No comments:

Post a Comment