Friday, August 19, 2011

නුඹ විතරක් ???

                                                                                                                                                         
මලට ආදරෙයි කියන බඹරු
මල වටා සැරි සරන කොට
සයුරට ආදරෙයි කියන ගඟ
සයුර තෙක් මඟ ගෙවා යනකොට
පොළවට ආදරෙයි කියන වැහි බිඳු
පොළව සිප ගන්න ඇද හැලෙන කොට
මට ආදරේ කරන නුඹ විතරක් 
ඇයි යන්නෙ මගෙන් ඈතට ???






මලට ආදරෙයි කියන බඹරු
මල වටා සරි සරන කොට
සයුරට ආදරෙයි කියන ගඟ
සයුර තෙක් මග ගෙවා යනකොට
පොළවට ආදරෙයි කියන වෑහි බින්දු
පොළව සිඹ ගන්න ඇද හලෙන කොට
මට ආදරේ කරන නුඹ විතරක් ඈයි යන්නෙ මගෙන් ඈතට ????

Monday, August 8, 2011

මේ ඇත්තමයි.........


මම දැක්කා
යන්තමට නුඹේ ඔය මුහුණ
හිත බලකරා මට
ආයෙත් හැරෙන්න
නුඹෙ දිහාටම
හිත පුරා දැකගන්න
නුඹේ ඔය දගකාර හිනාව
හිත පුරා විදගන්න
නුඹේ ඔය ඇස්වල
ලියවෙලා තියෙන ආදරය
කාටත් හොරෙන්....
නුඹටත් හොරෙන්
.............................
ඒත්.....
සිහිවුනා මට
තවත් ඇස් දහසක්
අපි දිහා බලන බව
ඉතින් සැනසුවා මම
මගේම හිත
ආදරණීය පොරොන්දුවක් පිට
අපි අපේ වුන දාට
මම බලාන ඉන්නවා
ඔය ඇස් දිහා
හිත පිරෙන්නම
මේ ඇත්තමයි.........