Thursday, July 21, 2011

කවිය නුපුරුදු කවිකාරි මමමය...

තවම නොලියූ කවිය නුඹමය
කවිය නුපුරුදු කවිකාරි මමමය

තවම නොදුටුව සිහිනයද නුඹමය
නොදුටු සිහිනයට පෙම් කලේ මමමය

නිහඞවම ගලායන ගංගාව නුඹමය
නුඹෙන් සිසිලක් පෑතුවේද මමමය

නුබ ගැබට නොපෑයූ හිරුද නුඹමය
හිරු රැසින් උණුහුමක් පෑතුවේද මමමය

තෙරක් නොපෙනෙන සයුර නුඹමය
ක්ශිතිජ ඉම දෑක හඞන්නේ මමමය

මසිත හෑමවිට අසන්නේ නුඹමය
සිතට බොරු කර හිඳින්නෙත් මමමය

තවම නොලියූ කවිය නුඹමය
කවිය නුපුරුදු කවිකාරි මමමය...

No comments:

Post a Comment