Monday, August 8, 2011

මේ ඇත්තමයි.........


මම දැක්කා
යන්තමට නුඹේ ඔය මුහුණ
හිත බලකරා මට
ආයෙත් හැරෙන්න
නුඹෙ දිහාටම
හිත පුරා දැකගන්න
නුඹේ ඔය දගකාර හිනාව
හිත පුරා විදගන්න
නුඹේ ඔය ඇස්වල
ලියවෙලා තියෙන ආදරය
කාටත් හොරෙන්....
නුඹටත් හොරෙන්
.............................
ඒත්.....
සිහිවුනා මට
තවත් ඇස් දහසක්
අපි දිහා බලන බව
ඉතින් සැනසුවා මම
මගේම හිත
ආදරණීය පොරොන්දුවක් පිට
අපි අපේ වුන දාට
මම බලාන ඉන්නවා
ඔය ඇස් දිහා
හිත පිරෙන්නම
මේ ඇත්තමයි.........


No comments:

Post a Comment