Tuesday, May 1, 2012

නුඹත් හරි නපුරුයි...


සුළඟ නුඹ නපුරුයි
මම කෙඳිරු දේවල් ගිලගත්ත අපූරුව
ඔහුගෙ කනට කර මුමුණන්නෙ නැතුවම
..........
වැස්ස නුඹ නපුරුයි
මම ගෙතූ ගී තනුව ඔහුට වැයු අපූරුව
අයිතිකරු මම බවක් කියන්නේ නැතිවම
.............
නුඹත් හරි නපුරුයි
දැන දැනම මගෙ ආදරේ නුඹ නමට
හිඳින හැටි වරක්වත් කියන්නේ නැතිවම
සුළඟවත් වැස්සවත් වැරදිකරු නොවන බව.......

No comments:

Post a Comment